රඛිතගේ සහ චරිත්ගේ ඇප බල රහිත කරන්නැයි අල්ලස් කොමිසම ඉල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්තැයි සිද්ධියට අදාලව නිතීඥ රඛිත රාජපක්ෂ ඇතුලු තිදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම් පත්‍ර තුනක විභාගය පෙබරවාරි 9 වන දින කැඳවිමට කොළඹ මහාධිකරණය අද (30) දින නියම කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බංඩාර රණසිංහ හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා .

ප්‍රති‍ශෝධන අයැදුම්පත්‍රය කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති අනුෂා සම්බන්ධප්පෙරුම පවසා සිටියේ පෙත්සම් මගින් ඉල්ලා තිබු අතුරු තහනම් ඉල්ලීම් පිළිබදව අද දින ඉල්ලීමක් නොකරන බවයි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරුවරයා වගඋත්තරකරුගේ විරෝධතා නොවැම්බර් 14 වැනිදා ගොනු කරන ලෙසත් පෙත්සම්කරුවන්ගේ විරෝධතා නොවැම්බර් 28 වනදා ගොනු කරන ලෙස දැන්වුවා.

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සම් තුනෙහි විභාගය පෙබරවාරි 09 වන දින කැඳවිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නයි බස්තමත් අරගෙන නුවර ඉදලා කොළඹට පා ගමනේ වඩින භික්ෂුව - දළඳා මාළිගාවෙදි පොලිසිය එක්ක පැටලෙයි
02:28
Video thumbnail
කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගැනීමේ තීරණයක් - බිමල් සියල්ල හෙළිකරයි
03:45
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15