මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්රධාන කාර්යාලයේ මේමේ වනවිට වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක්පැමිණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ සිදු වූ බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම විමර්ශනය සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අදාළ විමර්ශක නිලධරීන් ඊයේ (29) දිනයේදී මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාෂල් (විශ්රාමික) තුෂාර ප්රනාන්දු සඳහන් කළේ.
පානදුර මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මෙම විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.
මෙම විමර්ශන සඳහා වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට අමතරව පරිගණක සහ තාක්ෂණික අංශයේ විශේෂඥන් ද එක්ව සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.
