මෝටර් රථයක් ප්‍රපාතයකයට පෙරළී අනතුරක්

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකයට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුව අවස්ථාවේ දී මෝටර් රථයේ රියදුරු පමණක් ගමන්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් රියදුරාට කිසිදු හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?