මෛත්‍රීපාල සිරිසේන නේපාලයේ හිටපු අගමැති හමුවෙයි

ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී හමු වී තිබෙනවා.

මෙම සමුළුව කාම්බෝජයේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්වය පිළිබඳවත් දෙරට අතර පවතින සහයෝගීතාවය ඉහල නංවා ගැනීමට එහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වුණේ. දෙරට අතර ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවයක් පවත්වා ගැනීමත් වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳවත් එහිදී නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සුහද සාකච්ඡාවක් පැවැත් වී තිබෙනවා.

ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක නායකත්ව සමුළුවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?