මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට යන්න බෑ

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑ, මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑ, ඒ තරම් මිනිස්සු කළකිරිලා, ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයි.එහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්, ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින් යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසීය.

අනුරාධපු පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

 මේ මන්ද බුද්ධික මිනිස්සු වගේ මයික් ඉස්සරහා රඟපාන මිනිස්සු තමයි ඔය එක එක කථා කියන්නේ, ව්‍යවස්ථාවක් තියෙනවා රටක.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් පවත්වන්න අවශ්‍යය කාළය කියලා තියෙනවා.මේ මෝඩ මිනිස්සු සමහරෙක් මයික් දැක්කම වෙවුලනවා.

ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ වගේ ප්‍රකාශ කරන උදවියගේ කටවල් පොඩ්ඩක් වහන්න වෙයි, මොකද එහෙම නැතිවුණොත් එහෙම ජනතාව නොමඟ යනවා, මම එකක් කියනවා, කවුරුවත් කොයිම වෙලාවකවත්, ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑ, මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑ, ඒ තරම් මිනිස්සු කළකිරිලා, ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයි.එහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්, ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින්.ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ජනතාව භුක්ති විඳින්න කැමති, ඒ නිසා ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමයට කලට වේලාවට ජනාධිපතිවරණය, මහමැතිවරණය තියලා කටයුතු කරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලන අතර, ඔය ඒවා කියන්නේ එතුමාගේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා, මේ පුංචි ළමයි වගේ, මොනවද මේ කියන්නේ, දොඩවනවා.ඒ නිසා වගකිව යුතු පක්ෂයක් හැටියට, වගකිව යුතු නිළධාරීන් හැටියට, එවැනි දේවල් ප්‍රකාශ කිරීම කාළාණූරූපි නොවෙයි කියලා මගේ මතය.ඒ නිසා ජනතාව කළබල විය යුතු නෑ, එහෙම දේවල් කරනවා නම් ඒකත් ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත් අවාසියි.ඔය ජනමත විචාරණ එහෙන් මෙහෙන් කොම්පියුටර් ජිල්මාට් දාලා මොනවා හරි වෙනසක් කර ගත්තොත් මිසක් නැත්තන් නම් මොකක්වත් කර ගන්න බැරිවෙයි යැයි පැවසූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28
Video thumbnail
රටේ කළු ආණ්ඩුව ගැන වටගල හෙළිකරයි - රටේ පළමු පුරවැසියෝ මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න අය රැක්කා
06:15
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26