spot_imgspot_img

මෙරට ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට ප්‍රංශ­යෙන් රු. කෝටි 17ක්

මෙරට ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම වෙනුවෙන් රු. කෝටි 17ක (රු. මිලියන 174) හෙවත් යුරෝ 500,000ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා.

යුනිසෙෆ් සංවිධානය හරහා මේ මුදල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුනිසෙෆ් ආයතනයට, මෙම දායකත්වය මගින් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට අවශ්‍ය පෝෂණ සේවා සැපයීමට හැකියාව ලැබේ. තීව්‍ර මන්දපෝෂණය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය සහ සංවර්ධනය සහතික කිරීම සඳහා අනුගමනය කළයුතු නිවැරදි පිළිවෙත් පිළිබඳවත් දෙමාපියන් සහ භාරකරුවන් දැනුවත් කරන බවද යුනිසෙෆ් සංවිධානය පවසයි.

මන්දපෝෂණය සඳහා වහා ප්‍රතිකාර නොකළ හොත් එය දරුවාගේ ශාරීරික හා සංජානන වර්ධනයට හානි කළහැකි හෝ මරණයට පවා හේතුකාරක විය හැකි බව පෙන්වා දෙන එම සංවිධානය විශේෂයෙන්ම දරුවාගේ ජීවිතයේ පළමු වසර දෙක තුළදීත් බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ඇති අවස්ථාවන්ටත් එය අහිතකර ලෙස බලපාන බවද කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?