spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු 34,000න් බහුතරයකට විධිමත් පුහුණුවක් නැහැ

මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු තිස්හතර දහසෙන් විධිමත් පුහුණුවක් ලද පෙර පාසල් ඩිප්ලෝමාධාරීන් සිටිනුයේ 6,000ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මෙරට තුළ පෙරපාසල් 19,000ක් ක්‍රියාත්මක වන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන අයාතනය විසින් ලබාදෙන පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

වයස අවුරුදු 03ත් 05ත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

ලොව බොහෝ දියුණු රටවල පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරන නමුත් මෙතෙක් මෙරට පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බව ද පෙන්වා දුන්නා.

2025 වර්ෂයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය ද ඒ හා අනුගත විය හැකි අයුරින් සිදුකළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

රජය මඟින් ක්‍රියාවට නංවන පෙරපාසල්, ජාත්‍යන්තර පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, පළාත් සභා මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙරපාසල් මෙන්ම පුද්ගලික මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙර පාසල් සියල්ලෙහි ම පොදු විෂය රාමුවක් පවත්වාගෙන යාමට ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වන බවද, ප්‍රාදේශීය මට්ටමින් සංස්කෘතික හා සමාජමය කරුණු මත යම් යම් සුවිශේෂතා පැවතිය හැකි නමුත් ප්‍රධාන අරමුණු සමඟ ඒකාත්මික වන පොදු විෂය රාමුවක් ක්‍රියාවට නැංවීම පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් අවධාරණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE |2024-07-24| Dasatha News
33:40
Video thumbnail
බැංකු ණය ගන්න ඉන්න අයට අද ඉඳන් ලැබෙන ලොකු වාසිය මෙන්න...#bankloan #bankrate
07:39
Video thumbnail
ගෙදර යන්න ඉන්න රනිල්ගේ කෙරුවාවට දෝස්මුරයක්...
05:44
Video thumbnail
Club වසන්තගේ ඝාතනයට සම්බන්ද ලොකු පැටීගේ කෙරුවවේ සුළ මුළ හෙළිවේ...#clubwasantha
03:19
Video thumbnail
"දුෂ්කර පාසල්වලට උදව් කරන්න ඉලෝන් මස්ක්ට එන්න කිව්වා" #ranilwickremesinghe #ilonmask
02:21
Video thumbnail
පොලිස්පති ගැන තීරණයක් ගන්න ඇමති මණ්ඩලය හදිසියේ රැස්වෙයි - මෙන්න වෙන්න අලුත්ම දේ...
01:45
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-24
01:06:11
Video thumbnail
මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි - කවුරුත් බලාසිටි මැතිවරණ දිනය නොබෝ දිනකින්... #election2024
03:19
Video thumbnail
රටේ නීතියේ හයිය නිසා පුටුවෙන් තල්ලු වූ පොලිස්පති දේශබන්දු
08:12
Video thumbnail
රාහු කාලය ගැන නම් No Comment...හිටපු මැ.කෝගෙන් සුපිරි පිළිතුරක් #MahindaDeshapriya
05:35

?