Indian Premier League

මුල්ලේරියාව මානසික මරණයට සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවේ

මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් එම රෝහලේ සේවකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා සහායකයන් දෙදෙනෙකු වන එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතතේ නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින්.

රෝගියාගේ සිරුරේ තිබූ පැල්ලම් හේතුවෙන් මෙම මරණය සැකසහිත බව ඥාතීන් විසින් චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමට ද ඔවුන් විසින් පියවර ගෙන තිබුණා.

අවුරුදු 48ක් වයසැති එක් දරු පියෙකු වන මියගිය පුද්ගලයා, පාදුක්ක – වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි මෙම පුද්ගලයා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙසට සේවය කරමින් සිටි අයෙක්.

මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන  දෙකට වෙන් වූ කොසු මිටක්  ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සැකසහිත අයුරින් මියගොස් තිබුණේ පාදුක්ක වටරැක සමනලතැන්න පදිංචිව සිටි 47 හැවිරිදි එක් දරු පියෙක්.

මීට සතියකට පමණ ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව සඳහන්.

මෙම රෝගියා 25 වනදා නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පාලනය කිරීමට යාමේදී බිම ඇද  වැටුණු බවටයි   රෝහල් සේවකයන් විසින් ප්‍රකාශ කර තිබී ඇත්තේ.

අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?