මුල්ලේරියාව මානසික මරණයට සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවේ

මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් එම රෝහලේ සේවකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා සහායකයන් දෙදෙනෙකු වන එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතතේ නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින්.

රෝගියාගේ සිරුරේ තිබූ පැල්ලම් හේතුවෙන් මෙම මරණය සැකසහිත බව ඥාතීන් විසින් චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමට ද ඔවුන් විසින් පියවර ගෙන තිබුණා.

අවුරුදු 48ක් වයසැති එක් දරු පියෙකු වන මියගිය පුද්ගලයා, පාදුක්ක – වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි මෙම පුද්ගලයා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙසට සේවය කරමින් සිටි අයෙක්.

මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන  දෙකට වෙන් වූ කොසු මිටක්  ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සැකසහිත අයුරින් මියගොස් තිබුණේ පාදුක්ක වටරැක සමනලතැන්න පදිංචිව සිටි 47 හැවිරිදි එක් දරු පියෙක්.

මීට සතියකට පමණ ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව සඳහන්.

මෙම රෝගියා 25 වනදා නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පාලනය කිරීමට යාමේදී බිම ඇද  වැටුණු බවටයි   රෝහල් සේවකයන් විසින් ප්‍රකාශ කර තිබී ඇත්තේ.

අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38