Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මිල්ලනිය-ඔකන්දුව ප්‍රදේශයේ ආපන ශාලාවක් ඉදිරිපිට පුද්ගල මළසිරුරක් සොයාගැනේ

මිල්ලනිය පොලීසියට ලැබුනු තොරතුරක් මත, මිල්ලනිය ඔකන්දුව ප්‍රදේශයේ ආපන ශාලාවක් ඉදිරිපිට පුද්ගල මලසිරුරක් සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා, ඔකන්දුව රයිගම ප්‍රදේශයේ ආයතනයක සේවය කරන පෙරුමාල් ගෝවින්ද රාමසාමි යන අයබවත්, මස්කෙලිය ප්‍රදේශයේ සිට මෙයට මාසයකට පමන පෙර ඔකන්දුව මිල්ලනිය ප්‍රදේශයට පැමිණි අයෙකු බවටත් පොලිස් විමර්ශණවලදී කරුණු හෙළිවී තිබෙනවා.

ඔහු රයිගම එම ප්‍රදේශයේ ම නවාතැන් ගෙන එහි ආයතනයේ වැඩ කරන බවටත් තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව දැනට මිල්ලනිය පොලීසිය මගින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ඒ අතර මරණ පරීක්ෂණ කටයුතු සදහා මෘත දේහය මේ වන විට හොරණ රෝහල වෙත භාර දී තිබෙනවා.