කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය ඩැටෝ සෙරි දිරාජා ඩෝ සම්බරි අබ්ඩ් කදිර් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය ඩැටෝ සෙරි දිරාජා ඩෝ සම්බරි අබ්ඩ් කදිර් මහතා අතර හමුවක් අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණී.
ශ්‍රී ලංකාව ඇතුළුවීමෙන් මෙරට පුළුල් අග්නිදිග ආසියානු කලාපය තුළ සිය ආර්ථික සම්බන්ධතාව ශක්තිමත් කරගතහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මැලේසියානු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වෙමින්, “ශ්‍රී ලංකාව අපේ කලාපයට අයත්” බව ප්‍රකාශ කළේය. මෙම ආර්ථික ඉදිරි දර්ශනයේ ප්‍රගතිය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දු-පැසිෆික් කලාපය සඳහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ( ASEAN) හි අනාගත දැක්ම සමඟ පෙළගස්වන බව මෙහිදී තහවුරු කළා.
වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) වැනි කලාපීය කණ්ඩායම්වල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.