මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වූ අපේක්ෂිකාවක් ඝාතනය කෙරේ

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර සිටින මිනුවන්ගොඩ, යාගොඩමුල්ල
ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් ඊයේ (17) රාත්‍රී නිවස තුළ පහරදී ඝාතනය කර එම නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

66 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාවගේ හිසට මොට ආයුධයකින් පහරදී නිවසේ ඇඳක් මත මෙලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

නිවසේ තනිව ජීවත් වන ඇය ඇඳුම් මැසීමේ ස්වයං රැකියාවක නිරතව සිට තිබෙනවා.

ඇය මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරග කිරීම සඳහා එක්තරා පක්ෂයක් යටතේ ඇප මුදල් තැන්පත් කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් නිවසේ තිබූ රෙදිවලට ගිනි තැබීම හේතුවෙන් නිවසේ බඩු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ඝාතනයට හේතුව අද (18) දහවල් වන තෙක් අනාවරණය වී තිබුණේ නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව නියෝග කෙරුණේ මළ සිරුර ගම්පහ රෝහලට යොමු කරන ලෙසටයි.

එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩිදුරටත් නියම කර තිබෙනවා.

එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ළඟම ඥාතීන්ට බාර දෙන ලෙසට රෝහල් බලධාරීන්ට
අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56