මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වූ අපේක්ෂිකාවක් ඝාතනය කෙරේ

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර සිටින මිනුවන්ගොඩ, යාගොඩමුල්ල
ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් ඊයේ (17) රාත්‍රී නිවස තුළ පහරදී ඝාතනය කර එම නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

66 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාවගේ හිසට මොට ආයුධයකින් පහරදී නිවසේ ඇඳක් මත මෙලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

නිවසේ තනිව ජීවත් වන ඇය ඇඳුම් මැසීමේ ස්වයං රැකියාවක නිරතව සිට තිබෙනවා.

ඇය මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරග කිරීම සඳහා එක්තරා පක්ෂයක් යටතේ ඇප මුදල් තැන්පත් කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් නිවසේ තිබූ රෙදිවලට ගිනි තැබීම හේතුවෙන් නිවසේ බඩු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ඝාතනයට හේතුව අද (18) දහවල් වන තෙක් අනාවරණය වී තිබුණේ නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව නියෝග කෙරුණේ මළ සිරුර ගම්පහ රෝහලට යොමු කරන ලෙසටයි.

එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම මරණයට හේතුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩිදුරටත් නියම කර තිබෙනවා.

එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ළඟම ඥාතීන්ට බාර දෙන ලෙසට රෝහල් බලධාරීන්ට
අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?