spot_imgspot_img
spot_img

‘මැගියා’ගේ ගෝලයින් දෙදෙනෙක් කුඩු එක්ක අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මැගියා’ නොහොත් දිප්පිටිගොඩ ළහිරුගේ ගෝලයන් දෙදෙනෙක් හෙරොයින් සමඟ විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා ගණේමුල්ල, අන්නාසිවත්ත මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහි දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 08ක් සොයාගෙන ඇති අතර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි මොවුන් වයස අවුරුදු 26 සහ 36 යන වයස්වල පසුවනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව යන අයගේ සමීපතමයෙකුවන මේ වනවිට ඩුබායි රාජ්‍ය රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මැගියා’ නොහොත් දිප්පිටිගොඩ ළහිරු යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?