මෝසම් කාලගුණය සක්‍රීය වීම නිසා කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම සමග නාගරික ජලාපවහන පද්ධතිවල ධාරිතාව, නඩත්තුව සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ පවතින දුර්වලතා යළිත් අවධානයට ලක්ව ඇති බවත් මේ නිසා විශාල ජනතාවක් පීඩනයට පත්ව ඇති බවත් මේ පීඩනයට අමතරව ලාෆ් ගෑස් නැවත වරක් වැඩි කිරීම රටේ සහ ජනතාවගේ ගැටලුවක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළා.
2025 සහ 2026 වර්ෂවල පළාත් පාලන ආයතනවල ජලාපවහන පද්ධති ඇළ මාර්ග සංවර්ධනය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සඳහා වෙන් කළ, නිදහස් කළ හා වැය කළ මුදල් ප්‍රමාණයත් ඉහත ප්‍රතිපාදන යටතේ ආරම්භ කළ, නිම කළ හා නිම නොකළ ව්‍යාපෘති සංඛ්‍යාවත් මේ ව්‍යාපෘති සඳහා අනුමත පිරිවැය මේ දක්වා වැය කළ මුදල සහ වත්මන් ප්‍රගතිය ඇතුළත් පළාත් පාලන ආයතන අනුව වර්ග කළ වාර්තාවක් සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියා.
පුනරුදයේ පුරවර වැඩසටහන යටතේ අනුමත කළ ව්‍යාපෘති අතර ජලාපවාහන පද්ධති සංවර්ධනයට හෝ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ සෘජුවම සම්බන්ධ කරන ලද ව්‍යාපෘති ඇත්නම් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පළාත් පාලන ආයතන හා ඊට වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණයත් එවැනි ව්‍යාපෘති අනුමත කර නොමැති නම් ඊට හේතු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.
ප්‍රධාන නාගරික ප්‍රදේශවල ජලාපවහන පද්ධතිවල ජලය බැහැර කිරීමේ ධාරිතාව භෞතික තත්ත්වය සහ ගංවතුර අවදානම ගැන පළාත් පාලන විෂයභාර අමාත්‍යාංශය විසින් අවසන් වරට සිදු කළ තාක්ෂණික ඇගයීම් සහ මේ ඇගයීම්වලින් හදුනා ගත් ප්‍රධාන දුර්වලතා නිර්දේශ ඇතුළත් වාර්තා සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
2025 දිට්වා සුළි කුණාටුවෙන් පසුව හඳුනාගත් නාගරික ගංවතුර අවධානම් සහ ජලාපවහන දුර්වලතා නිවැරදි කිරීමට පළාත් පාලන විෂය අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග, වෙන් කළ ප්‍රතිපාදන සහ අවසන් කාර්යන් ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ යළිත් ජලයෙන් යටවීමට හේතු සහ පවතින දුර්වලතා ඉදිරිපත් කරන ලෙසත්, මෝසම් වැසි සමයට පෙර පළාත් පාලන ආයතන මඟින් කානු හා ඇල මාර්ග පිරිසුදු කිරීමට වෙන් කළ ප්‍රතිපාදන සහ එහි ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.
නියමිත පරිදි මේ කටයුතු සිදු නොකළ හෝ ප්‍රමාද කළ ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් හෝ කාර්ය සාධන ඇගයීමක් සිදු කරන්නේ ද කියා ඉදිරිපත් කරන ලෙසත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික කානු හා ඇල මාර්ග අවහිර වීම වැළැක්වීමටත් ඒවාට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීමට ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා වැය කළ මුදල පිරිසුදු කළ ප්‍රදේශ හා ප්‍රතිඵල ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නා.
තවද 2026 නොවැම්බර් 7 වැනි දින ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් පරිදි කොළඹ මහනගර සභාවේ යටතේ පිහිටුවන ලද විශේෂ මෙහෙයුම් කාර්ය සාධන බලකායේ සාමාජිකයන් බලතල වගකීම් හා ප්‍රතිපාදන ඉදිරිපත් කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය වටගල මෙහි සාමාජිකයකු ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ කාර්ය සාධනය ඇගයීමට හා ප්‍රගතිය වාර්තා කිරීමට ඇති ක්‍රමවේදය ද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළා.










