AFC Banner
AFC Banner
Empty Ad

මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ පුද්ගලයින් රිමාන්ඩ්

බිංගිරිය ප්‍රදේශයේ දී ඊයේ (30) ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේසිරි බස්නායක සහ අජිත් ගිහාන් යන අය පෞද්ගලික සමාගමකට පැමිණීමට එරෙහිව පිරිසක් විරෝධතාවයේ නිරත වීමට එරෙහිව අදාළ විරෝධතාකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන අද හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් ජනවාරි මස 07 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

මෙම සිදුවීමට අදාළ ව පුද්ගලයින් 06 දෙනෙකුට වැඩි පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?