මාලඹේ පිහිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නිල වශයෙන් යළි විවෘත කිරීමේ උත්සවය ඊයේ (09) සිදු කෙරුණා.
ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ ස්වර්ණමාලි ප්‍රනාන්දු විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වුණා.
2026 පෙබරවාරි මාසයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දෙනු ලැබුවා.
රෝහල යළි විවෘත කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
එහිදී රෝහල සතු වෛද්‍ය පහසුකම්, ප්‍රතිකාර සේවා සහ යටිතල පහසුකම් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණා.
