මාලනිගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවට – නිළි රැජිණට සමුදෙන්න මහ සෙනඟක් පෝලිම්වල (වීඩියෝ)

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත මේ වනවිට රැගෙනවිත් තිබෙනවා.

මහජන ගෞරව සඳහා දේහය එම ස්ථානයට රැගෙන ආ අතර, මේ වනවිටත් මාලිනී ෆොන්සේකාට ආදරය කරන විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව පුදකිරීම වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26) දිනයේ සිදුකරන අතර, ඒ දක්වා ඇයගේ දේහය තරංගනී ශාලාවේ තැන්පත් කර තැබෙනවා.

මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සියලු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
13
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?