මහ මුහුදේදී කාර්මික දෝෂයකට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ඇති බවට වාර්තාවෙනවා.
අදාල නෞකාව සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නම් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරනවා.
ක්‍රියා විරහිත වීමෙන් අනතුරුව නෞකාව ටග් යාත්‍රා 4ක් ආධාරයෙන් වරාය පරිශ්‍රයට ඇදගෙන ඒමට කටයුතු කළ බව වාර්තාවෙනවා.
නෞකාවේ එන්ජින් කාමරයට ජලය ඇතුළු වීම හේතුවෙන් නෞකාව ක්‍රියා විරහිත වී ඇති අතර ඒ අනුව නෞකාව ආරක්ෂිතව හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.
නෞකාව මීටර් 160කට ආසන්න දිගකින් යුත් බවත් කාර්මික දෝෂයට ලක්වන විටත් නෞකාව ටොන් 23,000ක පමණ භාණ්ඩ තොගයක් රැගෙන යමින් සිට ඇති බවත් වාර්තා වෙනවා.
නෞකාව වරායට ඇතුලු කර ගැනීමට අවශ්‍ය අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳි සිටි කාලය තුළ අවස්ථා තුනකදී වරයා මගින් නෞකාවට අවශ්‍ය සහාය ලබා දීමටද පියවර ගත් බව හම්බන්තොට වරාය කළමනාකාරිත්වය සඳහන් කරනවා.
එමෙන්ම වරාය පරිශ්‍රයට රැගෙන විත් ඇති මෙම නෞකාව මේ වන විට අලුත්වැඩියා කටයුතු සඳහා වෙන් කර ඇති ස්ථානයක රඳවා ඇති බවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වෙනවා.










