මහින්දානන්දට එරෙහි ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවේ නඩුව දෙසැම්බර් 04 යළි කැඳවයි

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාලව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් 04 යළි කැදවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (25) දින නියම කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරින් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කර සිටියා.

සිද්ධියට අදාළ පළමු වන සැකකරු වන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාළ දෙවන සැකකරු වන මහේෂ් ලසන්ත ගම්මන්පිල ද අද දිනයේ අධිකරණයේ පෙනි සිටියා.

ප්‍රමිතියෙන් තොර චීන කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළව මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබෙනවා.

මීට අදාළව මූලික විමර්ශන කටයුතු අවසන් බවත් උදෘත ගොනු කිරීමට කටයුතු කරන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 04 යළි කැඳවිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27