නියෝජ්‍ය අමාත්‍ය මහින්දට ජයසිංහ විශ්වවිද්‍යාලයක, විද්‍යා පීඨයක හෝ ගුරු විද්‍යාලයක විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයෙක් නොවන බව ජාතික එකමුතු ගුරු සංගමය සඳහන් කරනවා.
ජාතික එකමුතු ගුරු සංගමය විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී එම සංගමය මේ බව සඳහන් කළා.
මහින්ද ජයසිංහ, රනිල් වික්‍රමසිංහ විසින් ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියම් ලෙස පත්කළ අභ්‍යාසලාභී ගුරුවරයෙකු බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට පත්වීම් ලද මහින්ද ජයසිංහ අනතුරුව වෘත්තීය සමිතියක් අටවාගෙන ආණ්ඩු බලය ලැබෙන තුරු අධ්‍යාපනයට 6%ක් ලබා දෙන බව කියමින් විරෝධතා කර සමස්ත ගුරු පරපුරම රැවටූ බව එම සංගමය සඳහන් කරනවා.
අවසානයේ ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ඇති සමස්ත ගුරු පරපුරම මහින්ද ජයසිංහලාට රැවටුණු බවද එම සංගමය අවධාරණය කර සිටිනවා.
