මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 13 – පළමු කුඹල් පෙරහැර 18 වනදා

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු මස 13 වනදා පෙරවරු 6.17ට යෙදෙනෙ සුබ නැකතට සිදුකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඒ අනුව අගොස්තු 13 වනදා කප් සිටුවීමෙන් පසු 17 වනදා දක්වා දින 5ක් සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත් වෙනවා.

අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 18 වනදා ආරම්භ වන අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 22 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 දින ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 දිනයේ වීථි සංචාරය කරන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

ඊට පසු දින එනම් අගෝස්තු 28 වනදා දිය කැපීමේ පෙරහැර සහ දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරව මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් වනවා.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබදව නිල වශයෙන් දැනුම්දීම සඳහා අද (08) පැවති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40