Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මව විදෙස් ගත නිසා ආච්චි සමඟ සිටි පස් හැවිරිදි දරුවෙක් වගා ලිඳකට වැටි ජීවිතක්ෂයට

එප්පාවල පොලිස් ව⁣සමේ සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි පස් හැවිරිදි පිරිමි දරුවකු වගා ලිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂය⁣ට පත්ව ඇත්තේ ඒ.එම් ශෙනාල් රදීශ් බංඩාර නම්, පෙරපාසල් වයසේ පසුවන පස් හැවිරිදි පිරිමි දරුවෙක්.

ඔහුගේ මව විදේශ ගතව රැකියාවක නිරත වන අතර, පියා එම ප්‍රදේශයේ කුලී වැඩවල නිරතව වන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මව විදේශගත බැවින් එම දරුවා පියාගේ, මව සහ පියා (ආච්චි හා සීයා) භාරයේ සිට ඇති අතර දරුවා එප්පාවල කිරලෝගම සුබෝධී මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර තිබුණා.

එම දරුවා අද (29) පස්වරුවේ ඊය සීයා සහ මිත්තනිය සමඟ ඔවුන්ට අයත් වගා භූමියකට තක්කාලි ගස් බැඳීමට ගොස් ඇති අතර, එහිදී සෙල්ලම් කරමින් සිට අතරතුර වගා ලිදට අවටි ඇති බව අනාවරණය වී තිබෙනවා.