spot_imgspot_img

මවකට සහ කුඩා දියණියකට මරු කැඳවමින් මහ මඟ වැටී තිබූ මාරකය

අනාරක්ෂිත ලෙස මාර්ගයට වැටී තිබූ විදුලි වයරයක් පෑගී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (20) වාර්තා කර තිබුණා.

බැංගලෝරයේ වයිට්ෆීල්ඩ් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මාස නවයක් වයසැති කුඩා දියණියයි.

මෙම කාන්තාව සිය දියණිය ද සමඟ තමිල්නාඩුවේ සිට නිවස බලා යමින් සිටිය දී පදික වේදිකාවට වැටී තිබූ විදුලි වයරයක් පෑගී විදුලි සැර වැදී තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියෙන් පසු රාජකාරි පැහැර හැරීම හේතුවෙන් සීමාසහිත බැංගලෝර් විදුලි සැපයුම් සමාගමේ සේවකයින් පස්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කර්නාටක විදුලිබල අමාත්‍ය කේ.ජේ. ජෝර්ජ් පැවසුවේ මෙම අනතුරට වගකිව පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

අනතුරින් මියගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 05ක වන්දියක් ද ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?