“මම එන්නේ නෑ. මාව හොයන්න එපා. ඇද යට ලියුමක් තියනවා.” කියා මවට දුරකථන ඇමතුමක් දී අතුරුදන් වූ සිසුවිය සොයා විමර්ශන

“මම එන්නේ නෑ.. මාව හොයන්න එපා.. ඇද යට ලියමනක් තියනවා ගන්න” යැයි තම මවට දුරකථන ඇමතුමක් ලබාදී නිවසින් අතුරුදන්ව සිටින වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් සහ ඇයගේ පෙම්වතා සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාදම්පේ පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මාදම්පේ, තඹගල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක්.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවිය, අයගේ පියා සේවය කරන කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි
තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු වනවරණය වී තිබෙනවා.

ඊයේ (18) දින පෙරවරුවේ පියාට දිවා ආහාරය රැගෙන ගිය දැරිය නැවත නිවසට නොපැමිණි බවත්, ඇය පිළිබදව සොයා බලමින් සිටින විට ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයාගේ දුරකථනයෙන් තමන්ට ඇමතුමක් ලබාදුන් බවත් සිසුවියගේ මව පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබෙනවා.

දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය තරුණයා මීට පෙර මාදම්පේ, ඉස්සම්මැඩිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති බවත් ඔහු දැනට වව්නියාව ප්‍රදේශයේ කිසියම් රැකියාවක් සිදුකරන බව දැනගන්නට ලැබී ඇති බවත් මව පොලිසිය හමුවේ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ඇති බව සඳහන්.

අතුරුදහන්ව ඇති බාලවයස්කාර සිසුවිය හෝ ඇයගේ පෙම්වතා පිළිබදව මෙතෙක් තොරතුරක් ලැබී නොමැති අතර, මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25