මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය තාවකාලිකව අත්හිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගෙනෙන ලද යෝජනා සම්මතයට අද (22) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවී තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් සිදු කර ඇති නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ චර්යාවන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරන හෙයින්ද, එකී විමර්ශනය අවසන් වන තෙක් අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය නොකළ යුතු බවයි අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විපක්ෂ නායකවරයා ගෙනා යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ස්ථිර කිරීමෙන් පසු පාර්ලිමෙන්තුව විසින් අනුමත කරනු ලැබුවා.

රුපියල් මිලියන 74ක් වටිනා රත්‍රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාට් ජංගම දුරකථන 41ක් නීතිවිරෝධීව රැගෙන ආ මන්ත්‍රීවරයා සඳහා දඩය ලෙස රුපියල් මිලියන 7.5ක් පමණක් අයකරගෙන තිබීමත් රුපියල් මිලියන 80ක් වටින රත්‍රන් තොගයක් ගෙනා ප්‍රංශ ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන 70ක දඩයක් අය කිරීමත් හේතුවෙන් මන්ත්‍රීවරයා‍ට ලිහිල් දඩයක් නියම කරේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවයි විපක්ෂනායකවරයා මෙහිදී කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42