මතීෂ පතිරණ වෙනුවට මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

දකුණු උරහිසේ ඇති වූ අබාධයක් හේතුවෙන් මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වුණේ මතීෂ පතිරණ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ඇති බවටයි.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණි, ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන යළි කණ්ඩායම සමඟ එක් වී ඇති බව වාර්තා වනවා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය එංගලන්තය සමඟ බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම් අරඹා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00