මත්පැන් අලෙවි සැලකට එරෙහිව විරෝධතාවක් (ඡායාරූප)

ඩයගම නගරයේ පාසලක් ආසන්නයේ සහ බස් නැවතුම්පොල භුමියට යාබදව මත්පැන් අලෙවි සැලක් විවෘත කිරීමට එරෙහිව ඩයගම ප්‍රදේශවාසින් පිරිසක් අද දින තලවකැලේ හින්දු කොවිල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් පුද්ගලයෙකුට මත්පැන් අලෙවි බලපත්‍රයක් ලබා දීමට සුදානම් වන බවට වාර්තා වූ තොරතුරු හේතුවෙනුයි ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇත්තේ.

ඩයගම නගරයේ අලුතින් මත්පැන් අලෙවි සැලක් විවෘත කිරීමට බලපත්‍රයක් ලබා දීමට එරෙහිව පසුගිය දිනවල ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසින් සිදු කළ උද්ඝෝෂණ හේතුවෙන් සුරාබදු නිලධාරින් සහ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශනයට එක්වූ ඩයගම ප්‍රදේශවාසීන් නිලධාරින් හමුවේ කියා සිටියේ ඩයගම නගරයේ දැනටමත් මත්පැන් අලෙවිසැල් දෙකක් තිබෙන අතර තවත් මත්පැන් අලෙවිසැලක් විවෘත කලහොත් ඩයගම ප්‍රදේශයේ විශාල පිරිසක් මත්පැන් පානයට ඇබ්බැහි වන බවයි.

ඒ අනුව ඩයගම නගරයට අලුතින් මත්පැන් බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසට වතු කම්කරුවන් අවධාරණය කර තිබෙනවා.

මෙම විමර්ශනයට එක් වූ නුවරඑළිය සුරාබදු කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ මහජන විරෝධය සම්බන්ධයෙන් වාර්තාවක් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කිරිමට පියවර ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18