”රටම එකට” ජාතික මෙහෙයුමෙහි ඊයේ (12) දිනට අදාළ දෛනික වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අනුව, පොලිසිය විසින් ඊයේ දිනයේ දී 798ක් සිදුකොට සැකකරුවන් 795 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ දී මෙම වැටලීම් මඟින් පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 548ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙලෙස ඊයේ දිනයේ දී පොලිස් භාරයයට ගෙන ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 272ක්.
එමෙන්ම ඊයේ දිනයේ දී පොලිසිය විසින් මත්පෙති 967ක් ද සිය භාරයට ගෙන තිබෙනවා.
