කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රැම් 1255.7 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම, ජවාරම් කිරීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු යැයි කියන මෙහොමඩ් ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට නීතපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ඔක්තෝබර් 02 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මෙනවිය නියෝග කළා.
නඩුවේ තුන්වැනි විත්තිකරු වන සිරාන් බාසික් නැමැත්තා කොළඹ මධ්‍යම අපරාධ කාර්‍යාංශය විසින් අද (08) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
පළමුවන විත්තිකරු ද බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එමෙන්ම මේ වන විට ඇප මත මුදා හැර සිටින දෙවන විත්තිකරු ද අධිකරණය හමුවේ පෙනී සිටියා.
2023.08.16 වනදා කොකෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම ඇතුළු අධිචෝදනා පහක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.
අද දින නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවු අතර, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට ලබා දි නොමැති ලේඛනවල පිටපත් ඉදිරි නඩු දිනයේ දී ඔවුන්ට ලබාදෙන ලෙස විනිසුරුවරිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරියට නියෝග කළා.
පළමුවන විත්තිකරුට සිංහල බස තෙරුම් ගැනීමට නොහැකි විත්තිකරුවකු වන බැවින් ඔහුගේ ප්‍රකාශ ලබාගැනීම සඳහා ඉංග්‍රීසි භාෂා පරිවර්තකයකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරිය නියෝග කර සිටියා.













