AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය ආලේපිත කඩදාසි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය ආලේප කරන ලද කඩදාසි ග්‍රැම් 35ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කුලියාපිටිය – කරගහගෙදර සහ මගුලාගම – දොරටියාගෙදර යන ප්‍රදේශවපදිංචිකරුවන්.

පොලිසිය පැවසුවේ මොවුන් වයස අවුරුදු 36 සහ 24 යන වයස්වල පසුවන ය බවයි.

මගුලාගම, දොරටියාගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ආලේප කරන ලද කඩදාසි සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

හෙට්ටිපොල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?