AFC Banner
AFC Banner
Empty Ad

මඩේ එරී සතියක සිට දුක් විඳි ඇතින්න අවසන් ගමන් යයි (ඡායාරූප)

පසුගිය සතියේ අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසුව ආහාර සොයා ගම්වැදි ඇතින්නියක් කුඹුරක මඩේ එරුණු පුවතක් වාර්තා වූ අතර එම ඇතින්නිය අද (04) පෙරවරුවේ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කුඹුරක එරුණු ඇතින්නිය ව ගොඩගැනීම ඉතා අසීරු කටයුත්තක් වූයේ; කුඹුරක් මැදින් බැකෝ යන්ත්‍ර රැගෙන යාමේ දැඩි අර්බුදයක් පැවතීම හේතුවෙන්.

කෙසේවෙතත් සිදුවීම සිදු වූ දිනයට පසුදින ම වව්නියාව – කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇතින්නිය ව ගොඩගැනීමට බැකෝ යන්ත්‍ර ගෙනැවිත් උත්සාහ දැරුව ද එය අසාර්ථක වී තිබුණා.

ජලය සහ ආහාර නොමැතිව එකම ස්ථානයේ දිගු දිනක් මෙවැනි විශාල සත්ත්වයෙකු සිරවී සිටීම හේතුවෙන් ඇතින්නිය ශරීරයෙන් දුර්වල වී ඇති බවටයි පශු වෛද්‍යවරු පැවසුවේ.

අද දක්වා ම ඇතින්නියගේ ජීවිතය බේරාගැනීම සඳහා අවශ්‍ය ආහාරපාන, සේලයින් මෙන්ම ඖෂධ ලබාදුන්න ද එම සත්ත්වයා මියගොස් තිබෙනවා.

මියගිය ඇතින්නගේ අවසන් කටයුතු උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශභාර ග්‍රාමසේවකවරයාගේ ද සහභාගීත්වයෙන් සිදු කිරීමට පියවර ගැනුණා.

අවුරුදු 50කට වඩා වයසින් යුතු මෙම ඇතින්න දෙවරක් පමණ ගැබ්බර වී ඇති සත්ත්වයෙක්.

මීට පෙර ඇතින්න බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඔසවා තැබුව ද දැඩි සෙයින් දුර්වලව සිටීම හේතුවෙන් ඇතින්න එම ස්ථානයේම තැබීමට සිදුවුණා.

A 6
A 8
A 7
A 1
A 3
A 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?