භෞත චිකිත්සකවරිය ඝාතනය කළ පෙම්වතා අපරාධයෙන් පසුව තෙවරක් යාපනයට ගිහින්

නුවරඑළිය සංචාරක නිකේතනයක දී භෞත චිකිත්සකවරියක් ඝාතනය කර ඇයගේ මළ සිරුර තෙල්දෙණිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් තුළ දමා යාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ඇයගේ විවාහක පෙම්වතා සහ ඔහුගේ බිරිඳ පසුගිය 24 වනදා අලුයම් කාලයේ යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ පසුව වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඊයේ (25) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම අවස්ථාවේ දී ප්‍රධාන සැකකරුට අපරාධය සඳහා සහාය වූ බව කියන කුණ්ඩසාලේ ප්‍රදේශය සභාවේ රියදුරෙක් ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී අධිකරණය විසින් සැකකරුවන්ව පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වසර ලබා දුන්නා.

එම ප්‍රශ්න කිරීම්වල දී පොලිසිය ප්‍රධාන සැකකරුගෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු පොලිසියට හෙළිකර ඇත්තේ, අපරාධය සිදුකිරීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වන අවස්ථාව දක්වා, අවස්ථා තුනක දී බිරිඳ සහ දරුවා සමඟ බස් රථවලින් යාපනය ප්‍රදේශයට ගිය බවයි.

දිවා කාලයේ සැගවී සිටීමට නොහැකි නිසා කාලය ගෙවා දැමීමේ අරමුණින් යාපනය ප්‍රදේශයට ගොස් නවාතැන් ගෙන ආපසු මිතුරන්ගේ නිවෙස්වලට පැමිණ සැඟව සිටි බවයි සැකකරු අනාවරණය කර ඇත්තේ.

මේ අතර සැකකරුට කිසිඳු අවස්ථාවක ඉන්දියාවට හෝ වෙනත් රටකට පැන යෑමට උත්සහයක නිරත නොවූ බවට විමර්ෂණ කටයුතුවලදී අණාවරණය වී තිබෙනවා.
සැකකරු සන්තකයේ විශාල මුදල් ප්‍රමාණයක් නොතිබීම හමුවේ එය තහවුරු වන බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර ප්‍රධාන සැකකරුට සහාය වූ බවට වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින්, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  1. පොලීසියෙන්ම උපදෙස් අරගන පොලීසියෙන් හැංගෙන්න.
    අර මොසාඩ් කතාව මතක් වෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16