spot_imgspot_img

බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න ව්‍යාපෘතියක්

බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ජපානයේ හිමිකාරීත්වය සහිත සිංගප්පූරු ආයතනයක් වන Groepo Pte Ltd (GPL) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවයි වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ.

ක්ෂුද්‍ර නැනෝ බුබුළු තාක්ෂණය, කාබන් ෆයිබර් ජෛව පටල තාක්ෂණය සහ පරිසරයට හිතකර එන්සයිම භාවිත කරමින් බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් රජයේ ආයතන කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කටයුතු කිරීම වෙනුවෙන් පසුගිය ජුලි මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණා.

ඒ අනුව ව්‍යාපෘති ආයෝජක විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙරට සියලුම විශ්ව විද්‍යාලවල ජලයේ ගුණාත්මක භාවිය පිළිබඳ විශේෂඥයින්ගෙන්, අදාළ සියලු පර්යේෂණ ආයතන සහ අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කරනු ඇති.

එම මගපෙන්වීමට යටත්ව වසර 5ක කාලයක් සඳහා යෝජිත නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ඉන ්අනතුරුව අත්කර ගනු ලබන ප්‍රතිඵල මත පදනම්ව තවදුරටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීරණයකට එළඹීමටත් නියමිතයි.

ජනාධිපතිවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසිනුයි මෙම ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?