බේරුවල වරායට පැමිණි බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයෙක් අද (19) අලුයම මුහුදට වැටී අතුරුදන්ව තිබෙනවා.

“සුබපැතුම්” නැමැති බහුදිනයාත්‍රාව බේරුවල ධීවර වරාය දක්වා පැමිණෙමින් සිටිය දී හටගෙන තිබූ දැඩි සුළං හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මුහුදට වැටී මෙලෙස අතුරුදන්ව ඇත්තේ බේරුවල, පැපිලියගහලන්ද සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිවව සිටි ධීවරයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් නිලධාරීන් බේරුවල ධීවර වරාය වෙත පැමිණ සිටි අතර, එහිදී යාත්‍රාවේ සිටි අනෙකුත් ධීවරයින්ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.