බේබදු සැමියන් අතහැරදමා කාන්තාවන් දෙදෙනෙක් විවාහ වෙලා

මත්පැන්වලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයන් එපා වී නිවෙස් අතහැර ගිය කාන්තාවන් දෙදෙනෙක් එකිනෙකා සමඟ විවාහ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ කවිතා සහ ගුන්ජා නැමැති මෙම ඉන්දීය කාන්තාවන් දෙදෙනා පසුගිය බ්‍රහස්පතින්දා එකිනෙකා සමඟ යුග දිවියට එළඹ ඇති බවයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ඩියෝරියා හි පිහිටි ශිව කෝවිලේදී මෙම කාන්තාවන් දෙදෙනා යුග දිවියට පිවිස ඇති බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාවන් දෙදෙනා ඉන්ස්ටග්‍රෑම් හරහා එකිනෙක හඳුනාගෙන ඇති අතර, එම හඳුනාගැනීමෙන් පසු ඔවුන් තම පවුල් ජීවිතවල ඇති ප්‍රශ්න කතා කිරීමට පටන්ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් දෙදෙනා බීමත් සැමියන් අතින් හිංසාවට පත්වන කාන්තාවන් දෙදෙනෙන් බවට හඳුනාගෙන, එම කරදරවලින් මිදීම සඳහා සැමියන් අතහැර නිවෙස්වලින් පිටවීමට දෙදෙනාම එකඟතාවයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස එකඟ වී දෙදෙනාම සැමියන් අතහැර නිවෙස්වලින් පිටව පැමිණ දෙදෙනා මෙලෙස විවාහ වී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එහිදී ගුන්ජා නැමැති කාන්තාව මනමාලයාගේ භූමිකාව භාරගෙන අතර කවිතා මෙම විවාහ මංගල්‍යයේ මනාලිය ලෙස සැරසී තිබෙනවා.

විවාහ දිවියට එළඹී ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ, ස්වාමිපුරුෂයන්ගේ මත්පැන් පානය සහ අපයෝජන හැසිරීම තුළින් පීඩා විඳි බවත්, එම කටුක ජිවිතය මෙලෙස සාමයෙන් හා ප්‍රේමයෙන් පිරි ජීවිතයක් තෝරා ගැනීමට දෙදෙනාම තල්ලු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29