බෙල්ලන්විල ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 02 වනදා සිට 20වනදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (28) පැවැත් වුණා.

පූජ්‍ය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසනා පරිදි බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව විසින් පූජෝත්සවයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබනවා.

පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යෝත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

1950 වර්ෂයේදී තුණුරුවන් මුල් කරගෙන කරනු ලැබූ පූජෝපහාරයක් ලෙස බෙල්ලන්විල ඇසළ පුණ්‍ය මහෝත්සවය හා පෙරහැර මංගල්‍ය වත්මන් බෙල්ලන්විල නවෝදයේ නිර්මාතෘ අපවත්වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කළ අතර රටට, දැයට සෙත් පතමින් එය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54