බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයා ඝාතනය කළ වෙඩික්කරු රටින් පනින්න හදද්දී අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට පසුගියදා සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අද (15) දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු ව අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති ” මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය ” (Face Recognize System) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සහාය කර ගෙන තිබූ බවයි.

31 හැවිරිදි අම්බලන්ගොඩ – කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි විජේමුනි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නමැති මොහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ” කරන්දෙණිය සුද්දා ” නමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර නමැති ව්‍යාජ නමකින් සකස් කළ ගමන් බලපත්‍රයක් යොදා මොහු රටින් පැන යාම සඳහා භාවිතා කර තිබූ අතර මොහු ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සඳහා ද පොලිසියට අවශ්‍ය කර සිටි අයෙක්.

අද උදෑසන 07.50ට තායිලන්තයේ – බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 404 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු පැමිණ සිටි බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් මෙම වෙඩික්කරුවා ව අද පෙරවරු10.00ට පමණ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
7
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?