බීඩි කොළ කිලෝ 2447ක තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව, පුත්තලම, පාලවිය, හලාවත සහ මීගමුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ සහ අතහැර දමන ලද බීඩි කොළ කිලෝ 2447ක පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බීඩි කොළ තොගය සමග සැකකරුවෙක් සහ ලොරි රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, මෙම මෙහෙයුම් සිදු කර තිබුණා.

ඊයේ (22) රාත්‍රී කාලයේ හලාවත මයික්කුලම වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී එම ලොරි රථය තුල නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනයට සූදානම් කර තිබූ උර 46ක අසුරන ලද බීඩි කොළ කිලෝ 1460ක පමණ තොගයක් සමඟ එම ලොරි රථය සහ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, ඊයේ උදෑසන මීගමුව, කම්මල වෙරළ හා මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර හා පාර්සල් ලෙස අසුරන ලද බීඩි කොළ කිලෝ 650ක පමණ තොගයක් සොයා ගැනුණා.

මේ අතර අද පුත්තලම සින්නපාඩු සහ පෙරියපාඩු වෙරළ ප්‍රදේශයන්හී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබී පාර්සල් 10ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 337ක පමණ තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නීතියේ රැහැනට හසුකර ගත් වයස අවුරුදු 51ක් වන සැකකරු මයිලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරු සමඟ බීඩි කොළ තොගය සහ ලොරි රථය පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

එමෙන්ම, මීගමුව කම්මල ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, පුත්තලම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ ඉදිරි නිතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01