මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති වීරෝධි අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ ජිෆ්රි මොහොමඩ් ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු ලබන 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළා.
නඩුව කැඳවූ අවස්ථාවේ දී 1, 7 සහ 8 සැකකරුවන් බන්ධනාගාර නිළධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධියට අදාල 7වන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බැවින් එම සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය මගින් නියෝග නිකුත් වුණා.
ඒ අනුව, එම සැකකරුට රුපියල් ලක්ෂ 25 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.
එම සැකකරුට සෑම ඉරිදාවකම පෙ.ව. 9.00ත් 12.00ත් අතර කාලය තුළදී මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස නියෝග කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළා.
එමෙන්ම, පළමු වන සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ඉදිරි දිනයේ දී සලකා බලන බව ද අධිකරණයෙන් දැනුම් දුන්නා.
මෙම සිද්ධියේ පළමු සහ අටවැනි සැකකරුවන් ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය එදිනට පළමු සහ අටවැනි සැකකරුවන් සදහා ඇප විරෝධතා ගොනු කරන ලෙසත් මූල්ය අපරාධ කොට්ඨාසයට නියම කළා.










