spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳ පොලිස් පොතේ පැමිණිල්ල ලියද්දී සැමියා වස පානය කරලා

පුපුරැස්ස පොලිස් ස්ථානය තුළ දී වස පානය කළ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස වස පානය කර ඇත්තේ පන්විලතැන්න, රජතලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයාගේ 25 හැවිරිදි බිරිඳ සමඟ කලක සිට පවතින ආරවුලක් දුරදිග ගොස් බිරිඳ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇය පිටුපසින් මෙම පුද්ගලයා ද පොලිස් ස්ථානය පැමිණ ඇති අතර, බිරිඳ පොලිසිය තුළට ගොස් පැමිණිල්ල සිදුකරමින් සිටිය දී මොහු සඟවාගෙන සිටි වස බෝතලයක් රැගෙන එය පනයකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් මැදිහත්ව වස බෝතලය උදුරාගෙන ඇති අතර, පසුව මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

පන්විලතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම යුවළ මීට වසර 05කට පමණ පෙර කොළඹ රැකියා ස්ථානයක දී දැන හඳුනාගෙන විවාහ වී ඇති අතර, ඔවුන්ට මේ වනවිට වයස අවුරුදු 04ක පමණ දරුවෙකු ද වනවා.

දෙදෙනා අතර කලක සිට ආරවුල් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් බිරිඳ විසින් මීට පෙර අවස්ථා 06ක දී පුපුරැස්ස පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?