බිරිඳ පොලිස් පොතේ පැමිණිල්ල ලියද්දී සැමියා වස පානය කරලා

පුපුරැස්ස පොලිස් ස්ථානය තුළ දී වස පානය කළ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස වස පානය කර ඇත්තේ පන්විලතැන්න, රජතලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයාගේ 25 හැවිරිදි බිරිඳ සමඟ කලක සිට පවතින ආරවුලක් දුරදිග ගොස් බිරිඳ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇය පිටුපසින් මෙම පුද්ගලයා ද පොලිස් ස්ථානය පැමිණ ඇති අතර, බිරිඳ පොලිසිය තුළට ගොස් පැමිණිල්ල සිදුකරමින් සිටිය දී මොහු සඟවාගෙන සිටි වස බෝතලයක් රැගෙන එය පනයකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් මැදිහත්ව වස බෝතලය උදුරාගෙන ඇති අතර, පසුව මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

පන්විලතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මෙම යුවළ මීට වසර 05කට පමණ පෙර කොළඹ රැකියා ස්ථානයක දී දැන හඳුනාගෙන විවාහ වී ඇති අතර, ඔවුන්ට මේ වනවිට වයස අවුරුදු 04ක පමණ දරුවෙකු ද වනවා.

දෙදෙනා අතර කලක සිට ආරවුල් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් බිරිඳ විසින් මීට පෙර අවස්ථා 06ක දී පුපුරැස්ස පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34