කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (29) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ කාන්තාව අවුරුදු 75ක කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
විමර්ශන නිලධාරින් විසින් අපරාධය සිදු වූ නිවස පරීක්ෂා කිරීමේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විසින් ලියන ලද බවට සැක සහිත ලිපියක් හමුවී තිබෙනවා.
ඝාතනයට හේතුවක් මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙම ඝාතනය සැමියා විසින් සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරනවා.
මේ අතර සැකකාර සැමියා වේයන්ගොඩ ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි නසා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ ඇයගේ සියදිවි හානිකරගත් සැමියාගේ මළ සිරුර ද වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.
කිරිඳිවැල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













