Rajapura Handi Oil
Rajapura Diabetic Powder

උතුරේ බිම්බෝම්බ ඉවත් කළ බිමක රජයේ නිවාස 20ක් අද ජනතා අයිතියට

පසුගිය යුද්ධ කාලයේදී වළලන ලැබු බිම්බෝම්බ ඉවත්කිරීමෙන් පසු, සම්පූර්ණයෙන් ආරක්ෂිත කලාපයක් බවට තහවුරු කළ භූමියක ඉදිකළ නිවාස 20ක් අද ජනතා අයිතියට පත්කළා.

යාපනය, තෙලිප්පලෙයි හි එලෙසින් රජයේ නිවාස ආධාර මත ඉදිකළ නිවාස 20ක් විවෘත කිරීමේ උත්සවයක් අද (24) පස්වරුවේ පැවැත්වුණා.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විවෘත කිරීමේ උත්සවයට තවත් දේශපාලනඥයන් රාශියක් සහභාගිවුණා.