Fly high Get bonus Aviator Phone

බිඳ වැටුණු ලකුණු පුවරුව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කල්පනාවෙන් ඔසවා ගනිති

ඉන්දු -ලංකා, දකුණු අප්‍රිකානු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැත්වෙන තරගය ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 316ක ඉලක්කයක් හිමිවුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී අද පෙරවරු 10ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ නායිකා චමරි අතපත්තු පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානුවන්ට ලබා දුන්නා.

ආරම්භයේ සිට ම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ දකුණු අප්‍රිකාවේ මුල් පෙළ කඩුලු 05ක් ම ලකුණු 100ක් සම්පූර්ණ වනවිට බිඳ වැටී තිබුණා.

එම කඩුලු 05 ම අයිතිකාරිණිය වූයේ නවක ක්‍රීඩිකාවක වන දෙව්මි විහංගා යි.

ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගයක දී කඩුලු 05ක් බිඳ දැමූ පස්වැනි ක්‍රීඩිකාව ලෙසයි ඉතිහාසගත වූයේ.

කෙසේවෙතත් බිඳ වැටුණු ඉනිම අසීරුවෙන් මෙන් ම කල්පනාකාරී ව ගොඩගත් දකුණු අප්‍රිකානු පිතිකාරිණී Annerie Dercksen පන්දු 84ක දී ලකුණු 104ක් රැස් කළා.

ඊට හයේ පහර 05ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

ඊට අනගි සහායක් ලබා දුන් Chloe Tryon ලකුණු 74ක් ලබාගත්තා.

ටස්මින් බ්‍රිට්ස් ලකුණු 38යි.

කඩුලු බිඳ දැමීමේ දී විහංගිට අමතර ව චමරි අතපත්තු කඩුලු දෙකක් සහ මනුදි නානායක්කාර එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

පන්දුවාර 50 අවසන් වනවිට දකුණු අප්‍රිකාව කඩුලු 09ක් දැවී ලකුණු 315ක් ලබා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:06
Video thumbnail
මෙන්න චමිල් විජේසිංහ සිදුකරන හෙළිදරව්ව
19:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
07:01
Video thumbnail
අධිවේගී මාර්ගවල යන්න අතේ සල්ලි නැද්ද - දැන් බයවෙන්න දෙයක් නැහැ
01:23
Video thumbnail
ජයවර්ධනපුර රෝහල ගැන ඇග හිරිවැටෙන කතාවක් - අධ්‍යක්ෂකවරුන්ට චෝදනාවක්
06:30
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?