බිඳ වැටුණු ලකුණු පුවරුව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කල්පනාවෙන් ඔසවා ගනිති

ඉන්දු -ලංකා, දකුණු අප්‍රිකානු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැත්වෙන තරගය ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 316ක ඉලක්කයක් හිමිවුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී අද පෙරවරු 10ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ නායිකා චමරි අතපත්තු පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානුවන්ට ලබා දුන්නා.

ආරම්භයේ සිට ම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ දකුණු අප්‍රිකාවේ මුල් පෙළ කඩුලු 05ක් ම ලකුණු 100ක් සම්පූර්ණ වනවිට බිඳ වැටී තිබුණා.

එම කඩුලු 05 ම අයිතිකාරිණිය වූයේ නවක ක්‍රීඩිකාවක වන දෙව්මි විහංගා යි.

ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගයක දී කඩුලු 05ක් බිඳ දැමූ පස්වැනි ක්‍රීඩිකාව ලෙසයි ඉතිහාසගත වූයේ.

කෙසේවෙතත් බිඳ වැටුණු ඉනිම අසීරුවෙන් මෙන් ම කල්පනාකාරී ව ගොඩගත් දකුණු අප්‍රිකානු පිතිකාරිණී Annerie Dercksen පන්දු 84ක දී ලකුණු 104ක් රැස් කළා.

ඊට හයේ පහර 05ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

ඊට අනගි සහායක් ලබා දුන් Chloe Tryon ලකුණු 74ක් ලබාගත්තා.

ටස්මින් බ්‍රිට්ස් ලකුණු 38යි.

කඩුලු බිඳ දැමීමේ දී විහංගිට අමතර ව චමරි අතපත්තු කඩුලු දෙකක් සහ මනුදි නානායක්කාර එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

පන්දුවාර 50 අවසන් වනවිට දකුණු අප්‍රිකාව කඩුලු 09ක් දැවී ලකුණු 315ක් ලබා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18