බැංගලෝරයේ පාසල් කිහිපයකට බෝම්බ බියක් – ළමුන් පාසල්වලින් ඉවත් කරයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 13ක ළමුන් අද (01) උදෑසන කාලයේ ඉවත්කරගෙන තිබෙනවා.

අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකළ පණිවුඩයකින් මෙම බෝම්බ තර්ජන එල්ලකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම නිර්නාමික විද්‍යුත් තැපැල් පණිවුඩ මඟින් දන්වා ඇත්තේ පාසල් පරිශ්‍ර තුළ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවයි.

බැංගලෝරයේ පිහිටි වයිට්ෆීල්ඩ්, කෝරමංගල, බස්වේෂ්නගර්, යාලහන්ක සහ සදාශිවනගර් ඇතුළු පාසල් කිහිපයකට මෙම තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබී ඇති අතර, ඒ හේතුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් ද අද උදෑසන කැඳවීමට කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ආරක්ෂක පියවරක් ලෙස පාසල් වෙත පැමිණි සිටි සිසුන් සහ ගුරුවරුන් යළි නිවෙස් වෙත පිටත්කර යැවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පාසල් තුළ සෝදිසි මෙහෙයුම් ආරක්ෂක අංශ මඟින් අරඹා ඇති අතර, මෙතෙක් කිසිදු පාසලක බෝම්බ තිබී ඇති බවට තහවුරු කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30