බාර් එකෙන් හිස් මත්පැන් බෝතලේට ලැබෙන වටිනාකම ඉහළ යයි

හිස් මත්පැන් බෝතල් සඳහා අයකළ තැන්පතු ගාස්තුව ඉහළ දමමින්, මිලිලීටර් 750ක හිස් බෝතලයක් සඳහා මෙතෙක් පැවති තැන්පතු මුදල වූ රුපියල් 60, රුපියල් 100 දක්වාත්, භාග බෝතලයක් සඳහා තැන්පතු මුදල වූ රුපියල් 40 සිට රුපියල් 70 දක්වා මෙන්ම කාල බෝතලයකට රුපියල් 20ක් වූ තැන්පතු මුදල රුපියල් 30 දක්වාද ඉහළ දමා තිබෙනවා.

මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළයාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.