බහාලුම් 323 ගැන හොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් යෝජනාක්

කොළඹ වරායෙන් බහාලුම් 323ක් පරීක්ෂා කිරීමකින් තොරව තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බැහැර දී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (07) දින පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේ දී අදාළ යෝජනාව භාර දී තිබුණා.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කවින්ද ජයවර්ධන හර්ෂණ රාජකරුණා ජේ.සි අලවතුවල සහ ඩී.වී චානක යන අය සහභාගීව සිටියා.

රේගු නිලධාරීන්ගේ සංගමය බහාලුම් නිදහස් කිරීමේ අක්‍රමික ස්වරූපය සැලකිල්ලට ගනිමින් මෙම බහාලුම්වල අන්තර්ගතය පිළිබඳව තමන් හට වගකීම භාරගත නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින්, එම බහාලුම්වලින් මත්ද්‍රව්‍ය ආයුධ හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය මෙරටට ගෙනවිත් තිබිය හැකි බවට පාර්ලිමේන්තුවේදී මෙන්ම වගකිවයුතු බලධාරීන් බරපතළ චෝදනා එල්ල කර ඇති බැවින්, මෙය ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වන බැවින්, මේ සම්බන්ධයෙන් කරැණු සොයා බලා වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවට අදාළ යෝජනාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27