බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධ පිළිබඳව පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව පොලිසිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
පොදු ප්‍රවාහන සේවා බස්රථ ඇතුළු රථවාහන ධාවනයේ දී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් බවට සහ දීර්ඝ කාලයක් ආසන පටි පැළඳ රිය ධාවනයේ දී ශාරීරික අපහසුතා ඇතිවන බවට හුවා දක්වමින් ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරණයන් ලබාදෙමින් මේ සම්බන්ධයෙන් විවිධ කරුණු ඉදිරිපත් කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
6
+1
+1
+1
+1
1