අම්බලන්තොට මාමඩල,හැඩවින්න ප්‍රදේශයේ දී අද (05) පස්වරු 2.30 ට පමණ බස්රථයක් මාමඩල ඇළට පෙරලීමෙන් බස්රථයේ සිටි රියදුරු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත්කර තිබෙනවා.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණ එහි සිටි පුද්ගලයින් නිවෙස් වෙත ගෙන යමින් සිටි පුද්ගලික බස්රථයකි .
මෙම බස්රථය අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේම පුද්ගලයෙකුට අයත් එකක් වන අතර රියදුරුට රියපලනය කර ගැනීමට නොහැකිව බස්රථය මෙසේ ඇළට පෙරලි ඇති බව පොලිසිය පවසනවා.
පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග මාර්ගයන් අධික ලෙස ලිස්සා යාම හා බස් රථයේ රෝද සියල්ල ගෙවී ගොස් තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .