බලුකිස්තානයේ ප්‍රහාර 39ක වගකීම විමුක්ති හමුදාව භාර ගනී

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ස්ථාන 39ක සිදු වූ එකිනෙකට සම්බන්ධ ප්‍රහාරවල වගකීම බලුච් විමුක්ති හමුදාව (BLA) භාර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සන්නද්ධ කණ්ඩායම පවසන්නේ උපායමාර්ගික අරමුණු කිහිපයක් සපුරා ගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

බලුකිස්තානයේ දේශීය සම්පත් ස්වයං පාලනය සඳහා දිගුකාලීන ඉල්ලීමේ තියුණු වර්ධනයක් BLA හි මෑත කාලීන ක්‍රියාකාරකම් මගින් පෙන්නුම් කෙරෙනවා.

මෑතකාලීන ප්‍රහාරයන්ගේ ඉලක්ක වී තිබුණේ පොලිස් ස්ථාන, හමුදා වාහන, ප්‍රධාන මහාමාර්ග ඇතුලු යටිතල පහසුකම් බව ANI වාර්තා කර තිබෙනවා.

බලුච් විමුක්ති හමුදාව (BLA) යනු පකිස්ථානයේ බලුකිස්තානය පදනම් කරගත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායමක් වන අතර එය බලුච් ජනතාවට නිදහස දිනා ගැනීමට සටන් කරනවා.

පකිස්ථාන රාජ්‍යයේ දේශපාලනික කොන් කිරීම, ආර්ථික සූරාකෑම සහ මිලිටරි මර්දනය සම්බන්ධයෙන් දිගුකාලීන දුක්ගැනවිලිවලට ප්‍රතිචාර වශයෙන් මෙම සංවිධානය බිහි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?