‘බයිබලය’ යන වචනය භාවිත කළ බොලිවුඩ් නිළි කරීනා කපූර්ට නොතීසි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් මහාධිකරණය විසින් බොලිවුඩ් නිළි කරීනා කපූර්ට නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඇය විසින් එළිදක්වා ඇති කෘතියක් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමකට අදාළවයි.

“Kareena Kapoor Khan’s Pregnancy Bible” (කරීනා කපූර් ඛාන්ගේ ගැබ්ගැනීමේ බයිබලය) නැමැති කෘතියට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කෘතියේ නමට “බයිබලය” යන වචනය භාවිතා කිරීමට එරෙහිව නීතිවේදියෙකු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව කරීනා කපූර්ට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බව සඳහන්.

නීතීඥ ක්‍රිස්ටෝපර් ඇන්තනී විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් අදාළ කෘතිය විකිණීම තහනම් කරන ලෙස ද අධිකරණය මඟින් ඉල්ලා තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ කෘතියේ අලෙවිකරුවන්ට නොතීසි ද නිකුත් කිරීමට අධිකරණය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෘතියේ නමට “බයිබලය” යන වචනය භාවිත කිරීම ක්‍රිස්තියානි ප්‍රජාවගේ හැඟීම්වලට හානි කරන බවයි පෙත්සම්කරු නීතීඥ ක්‍රිස්ටෝපර් ඇන්තනී චෝදනා කර ඇත්තේ.

“බයිබලය ලොව පුරා ක්‍රිස්තියානි ධර්මයේ ශුද්ධ ග්‍රන්ථය වන අතර, කරීනා කපූර් ඛාන්ගේ ගැබ් ගැනීම, “බයිබලය” සමඟ සංසන්දනය කිරීම වැරදි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ජනප්‍රිය නිළිය තම කෘතියේ සඳහා ලාභ ප්‍රසිද්ධියක් ලබාගැනීමට මෙම “බයිබලය” වචනය භාවිත කර ඇති බවත් පෙත්සම්කරුවා පවසනවා.

2021 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය 43 හැවිරිදි කරීනා කපූර්ගේ ගර්භණී ගමන විස්තර කරන අතර, අනාගත මව්වරුන් සඳහා උපදෙස් සපයනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46